Thursday, May 2, 2024

General line - 0115112241

තරගය මැද්දේ ඔළුව වැඩ කළ හැටි ධනංජය ද සිල්වා කියයි - ෆේස්බුක් ප්‍රතිචාර ගැනත් පිළිතුරු දෙයි (VIDEO)




දකුණු අප්‍රිකාව සමග ඊයේ (14) පැවති විස්සයි 20 ක්‍රිකට් තරගයේදි ශ්‍රි ලංකාවට කඩුළු 03ක ජයක් හිමි වුණා. 

තරගය පැවතුනේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගනයේදී.

දිනේෂ් චන්දිමාල් පන්දු 33 කදී නොදැවි ලකුණු 36ක් වාර්තා කළා. ඔහුට අනගි සහයක් ලබාදුන් ධනංජය ද සිල්වා ලකුණු 31ක් සහ දසුන් ශානක ලකුණු 16ක් රැස්කරනු ලැබුවා.

පන්දු යැවීමේදී ලක්ෂාන් සඳකැන් ලකුණු 19 කට කඩුලු 3ක් දවා ගනු ලැබුවා. අකිල ධනංජය සහ ධනංජය ද සිල්වා කඩුලු 2 ක බැගින් දවා ගනු ලැබුවා. 

එහිදී ධනංජය ද සිල්වා "මම පොඩි කාලේ ඉඳලා තුන හතර බැට් කළේ. ඒත් ජාතික කණ්ඩායමේ මම සෙල්ලම් කරන්න ඕනේ තැන කොතනද මම එතනට හැඩ ගැහිලා සෙල්ලම් කරනවා. තරගයට කලින් දැනුම් දෙනවා ඔයා මෙතන තමයි බැට් කරන්නේ කියලා. ඉතින් මම ඔළුව හදාගෙන ඇවිත් එතන බැට් කරනවා. සමහර අයට අමාරු ඇති. සමහර අයට පුළුවන් ඇති. මම දැන් ඒකට ගොඩාක් පුරුදු වෙලා තියෙන්නේ." යනුවෙන්ද සඳහන් කළා.

(තරග ජයග්‍රහණයෙන් පසු මාධ්‍යවේදීන් හමුවේ ධනංජය සිය අදහස් පළ කළේ මෙලෙසින්)