Saturday, May 4, 2024

General line - 0115112241

පාර්ලිමේන්තු මන්ත්‍රි ගමන් ගත් ජීප් රථය අනතුරකට (PHOTOS)

කුෂාන් ජයවර්ධන




අනුරාධපුර දිසිත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චන්දිම ගමගේ මහින්දසෝම ගමන්ගත් ජීප් රථය මීට සුළු මොහොතකට පෙර ගිරිඋල්ල මාහරගම ප‍්‍රදේශයේදී අනතුරකට ලක්ව තිබෙනවා.

පදික මාරුවක් අසළදී මෙම අනතුර සිදුව තිබෙනවා.

මාර්ගය හරහා ගමන් ගත් කාන්තාවක් අනතුරෙන් බේරීමට ගිය අවස්ථාවේදී මන්ත‍්‍රිවරයා ගමන්ගත් මෝටර් රථය ඉදිරියෙන් පැමිණි තවත් මෝටර් රථයක ගැටීමෙන් අනතුර සිදුවූ බවයි වාර්තා වෙන්නේ.

අනතුරින් මන්ත‍්‍රිවරයාට හානියක් සිදුව නැති බව පොලිසිය කියා සිටියා. මන්ත‍්‍රිවරයාගේ මෝටර් රථයේ ගැටුණු කාර් රථයට අනතුරින් බරපතල හානි සිදුව ඇති බව සඳහන්.

ගිරිඋල්ල පොලිස් රථවාහන අංශයේ නිලධාරීන් අදාළ ස්ථානයට පැමිණි විමර්ශණන සිදු කරමින් සිටිනවා.