Friday, May 10, 2024

General line - 0115112241

නේවි සම්පත් රිමාන්ඩ්




අත්අඩංගුවට ගත් නාවික හමුදාවේ හිටපු ලූතිතන් චන්දන ප‍්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් නේවි සම්පත් නැමැත්තා අගොස්තු මස 29 දා තෙක් අද රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ, සැකකරු කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. සැකකරු පෙරේදා දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ ලෝටස් ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ, 2008 සහ 2009 යන වසරවලදී කොළඹ ප‍්‍රදේශයේ ස්ථාන කිහිපයකදී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධියට අදාළවයි. 

නේවි සම්පත් නමැත්තා මාස කිහිපයක් දොම්පේ ප‍්‍රදේශයේ ඉඩමක මුරකරුවෙකු ලෙස සේවය කරමින් සැඟව සිට ඇති බවටයි මූලික පරීක්‍ෂණවලදී හෙළි වී ඇත්තේ. ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ගාල්ලගේ අශෝක නමින් ව්‍යාජ ජාතික හැඳුම්පතක් ද සකස් කර ගෙන තිබුණා. ඔහු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නඩරාජා රවිරාජ් ඝාතන නඩුවේ ද සැකකරුවෙක්. එම සිද්ධිය සම්බන්ධයෙන් ඔහු ඇතුළු විත්තිකරුවන් නිදොස් කොට මුදාහැර තිබූ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ. පසුව සැකකරු මැලේසියාවට පලාගොස් ඇති අතර දැනට මාස හයකට පමණ පෙර මෙරටට පැමිණ ඇති බවට පරීක්ෂණ වලින් අනාවරණය වී තිබෙනවා.