Friday, May 10, 2024

General line - 0115112241

යාපනයෙන් 50ක් අල්ලගෙන

මාධව කුලසූරිය




යාපනය ප්‍රදේශයේ පසුගිය සමයේ සිදුවු කල්ලි ගැටුම් සම්බන්ධයෙන් පුද්ගලයින් 50‍ දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව යාපනය පොලිසිය පවසනවා.

යාපනය පොලිසිය පැවසූවේ අගෝස්තු 01 වැනිදා සිට සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මගින් අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

යාපනය, මානිප්පායි, කෝපායි, චුන්නාකම් ප්‍රදේශවල සිදුකළ සෝදිසි මෙහෙයුම් තුළින් යාපනය ප්‍රදේශයේ සිදුවු ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ පිරිස් එලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේ ප්‍රදේශයේ ක්‍රියාත්මක වන කල්ලි අතර ගැටුම් හා සිවිල් වැසියන්ට තර්ජනය කිරීම්, මංකොල්ලකෑම් ආදි ක්‍රියාවන්වලට එලෙස අත්අඩංගුවට ගත් පිරිස් සම්බන්ධ බවටයි.

යාපනය ප්‍රදේශයේ ආවා කල්ලිය, ධනුරොක් කල්ලිය, වික්ටර් කල්ලිය වැනි කල්ලි කිහිපයක ක්‍රියාකාරකම් හේතුවෙන් යාපනය ප්‍රදේශයේ ප්‍රචණ්ඩ ක්‍රියා පසුගිය සමයේ වර්ධනය වී තිබුණා.

යාපනය, මානිප්පායි, කෝපායි, චුන්නාකම් ප්‍රදේශයන්ගේ පොලිස් නිළධාරීන්ගේ නිවාඩු අවලංගු කරමින් පසුගිය දින කිහිපයේ පොලිසිය විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබුණා.