Friday, May 10, 2024

General line - 0115112241

සුවය ලබා පිටව ගිය කිරිවෙහෙර නාහිමි යළි රෝහල් ගත කෙරේ

හේමන්ත කහවලගේ




කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන් යළි කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබෙනවා.

ඒ, ඉකුත්දා සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු උන්වහන්සේ යළිත් වරක් රෝගී වීම හේතුවෙන්.

උන්වහන්සේගේ දකුණු පාදයේ මෙන්ම උදරයේ සහ කළව ප‍්‍රදේශයේ ආබාධ තත්වයක් මතුව ඇති බවටයි වාර්තා පළ වන්නේ. 

ඉකුත් ජූනි මස 12 වැනිදා කිරිවෙහෙර පුදබිමේදී පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන් වෙඩි ප‍්‍රහාරයකට ලක්වුණා. කොළඹ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලැබූ උන්වහන්සේ පසුව සුවය ලබා දින කිහිපයකට පසු ඉන් පිටව ගියා.