Friday, May 10, 2024

General line - 0115112241

"ඉක්මන් තීරණ නිසා වැරදුණා"

තරංග රුක්ෂාන්/ පසන් වික්‍රමතිලක




ග්ලයිෆොසෙට් අඩංගු පලිබෝධ නාශක පිළිබඳ කඩිනමින් තීරණයක් ගැනීමට ආණ්ඩුව සූදානම් වනවා.

ඒ, අමෙරිකාවේ අධිකරණයක් ඉකුත්දා ලබාදුන් තීන්දුව ද සැලකිල්ලට ගනිමින්.

සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ප‍්‍රකාශ කළේ ග්ලයිෆොසෙට් ශී‍්‍ර ලංකාව තුළ තහනම් කළ යුතු බවයි.

හිටපු කෘෂිකර්ම අමාත්‍යවරයෙකුද වන දුමින්ද දිසානායක අමාත්‍යවරයාද නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් වැඩසටහනේදී ග්ලයිෆොසෙට් පිළිබඳ මෙලෙස අදහස් පළ කළා.

එහිදී සඳහන් කෙරුණේ සැළසුමක් සකස් කර ගැනීමකින් තොරව එකවර මෙම ග්ලයිෆොසෙට් තහනම් කිරීමට පියවර ගැනීම වැරදි තීරණයක් බවයි.

එහිදී වැඩි දුරටත් සඳහන් කෙරුණේ "අපි ආණ්ඩුවක් අරගෙන බොහොම හොඳ දේවල් කරන්න කියලා..ක්ෂණිකව කරන්න ගත්ත එකයි වැරදි. ක්‍රමවේදය නොමැතිව එකපාර කරන්න ගිය නිසා තමයි හකුළ ගන්න වුණේ." යනුවෙනි.

ග්ලයිෆොසෙට් අඩංගු පලිබෝධ නාශකය භාවිතය හේතුවෙන් තමන්ට පිළිකා රෝගයක් වැළඳුනු බව අමෙරිකානු ජාතිකයෙකු කළ අභියෝගයක් කැලිෆෝනියා අධිකරණය ඉකුත්දා පිළිගත්තා. ඔහුට වන්දි ගෙවන ලෙසටද එහිදී අධිකරණය අදාළ සමාගමට නියෝග කළා.

මේ අතර නෙත් එෆ්. එම්. බැලූම්ගල වැඩසටහනේ දී ද අද (16) සාකච්ඡාවට ලක් කෙරුණේ ග්ලයිෆොසෙට් ගැටළුව පිළිබඳවයි.