Friday, May 10, 2024

General line - 0115112241

කුමන්ත්‍රණයට එරෙහිව ඇමතිගේ පැමිණිල්ල බාර දෙයි (PHOTOS)




පාසල් නිවාඩු මාසවලදී ගුරු වැටුප් නතර කරන බවට අධ්‍යාපන අමාත්‍යවරයා බදුල්ලේ දී  ප්‍රකාශයක් සිදු කළ බව පවසමින් වෙබ් අඩවි සහ ෆේස් බුක් සමාජ ජාලා කිහිපයක් ඔස්සේ පළ කර තිබූ අසත්‍ය ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් පරික්ෂණයක් කරන ලෙස ඉල්ලා අධ්‍යාපන අමාත්‍යංශය අද (16)  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි විසින් ලිඛිතව ඉදිරිපත් කළ මෙම පැමිණිල්ල අධ්‍යාපන අමාත්‍යංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ සුගත් ධර්මප්‍රිය, අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් කල්ප ගුණරත්න සහ නීති නිලධාරිනී සුරංගි පෙරේරා  විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත මෙම පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබුවා.

ඇතැම් කණ්ඩායම් සැලසුම් සහගත ලෙස මෙම  ප්‍රවෘත්තිය ව්‍යාප්ත කිරීම හේතුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයාටත්, අධ්‍යාපන අමාත්‍යාංශයේ කිර්ති නාමයටත් දැඩි බලපෑමක් එල්ල වූ අතර විභාගයක් පවතින අවස්ථාවකදී ගුරුවරුන් සම්බන්ධව මෙවැනි අසත්‍ය ප්‍රවෘත්ති පළ කිරීම හරහා සමාජය තුළ මහජන කැළඹීමක් ඇති වන තත්ත්වයක් නිර්මාණය වූ අතර අදාළ ව්‍යාජ ප්‍රවෘත්තිය නිර්මාණය කොට ව්‍යප්ත කිරීම සඳහා දායක වූ කණ්ඩායම් සහ සංවිධානයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි මෙම පැමිණිල්ල මගින් දන්වා ඇත්තේ.

පාසල් ප්‍රජාව සහ අමාත්‍යවරයා අතර සිත් බිඳවීම් සහ විශ්වාසය පලුඳු කිරීම මෙම කුමන්ත්‍රණකරුවන්ගේ අරමුණ වී ඇති අතර කුමන්ත්‍රණකරුවන් විසින් අදාල ප්‍රවෘත්තිය පුවත් පතකින් උපුටා ගත් බව ප්‍රකාශ කරන නමුත් එම පුවත්පතේ නිළ වෙබ් අඩවියේ හෝ දැනට සති අන්ත ඉරිදා දිනයේ පමණක් නිකුත් කෙරෙන අදාළ පුවත්පතේ හෝ එවැනි ආකාරයේ කිසිදු ප්‍රවෘත්තියක් පළ නොවූ බව අදාළ පුවත් පතේ කතෘ මණ්ඩලය විසින් ද සනාථ කර ඇති බවයි පැමිණිල්ලේ වැඩිදුරටත් දැක්වෙන්නේ.