Friday, May 10, 2024

General line - 0115112241

බැලුම්ගල හෙළි කළ සම්මාන හොරා අත්අඩංගුවට

හේමන්ත කහවලගේ




නෙත් එෆ්. එම්. බැලුම්ගල වැඩසටහනින් තොරතුරු අනාවරණ කළ ලෝක රූපලාවන්‍ය සංගමයේ සභාපති ලෙස පෙනී සිටිමින් රූපලාවන්‍ය ශිලිපීන් රවටා මුදල් වංචා කළ එස්. කාරියවසම් නැමති පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හික්කඩුව ගෝනපීනුවල ප‍්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදීයි.

මෙම සැකකරු තමන් ලෝක රූපලාවන්‍ය සංගමයේ සභාපතිවරයා බව පවසමින් රූපලාවන්‍ය ශිල්පීන්ට මුදලට විවිධ සහතික පත‍්‍ර, සම්මාන හා උපාධි පිරිනමා ඇති බව නෙත් එෆ්. එම්. බැලූම්ගල වැඩසටහනින් අනාවරණය කෙරුණා. ඒ සඳහා ඔහු රූපලාවන්‍ය ශිල්පීන්ගෙන් විශාල මුදලක් ද අයකර ඇති බවයි හෙළි වුණේ. එමෙන්ම ඔහු පන්නිපිටිය, මිරිහාන ඇතුළු ප‍්‍රදේශ කිහිපයක සිය කාර්යාල පවත්වාගෙන යමින් මෙම වංචාවන් සිදු කරන බවද මූලික පරීක්ෂණවලදී අනාවරණය කෙරුණා.

සැකකරුගේ නිවසේ තිබී රාජ්‍ය ලාංඡනය භාවිත කරමින් සකස් කළ සහතික පත‍්‍ර, සම්මාන හා උපාධි ලාංඡන කිහිපයක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගනු ලැබ තිබෙනවා. වංචා කිරීම සහ කූඨ ලේඛන සැකසීම සම්බන්ධයෙන් මෙම සැකකරුට චෝදනා එල්ල වී ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ. ඔහු මීගමුම මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත අද (16) ඉදිරිපත් කිරීමට නියමිතයි.