Friday, May 10, 2024

General line - 0115112241

බලංගොඩ සරත් මධූ දිවි සැරිය නිම කරයි




ප්‍රවීණ චිත්‍ර ශිල්පී බලංගොඩ සරත් මධු මහතා ඊයේ (17) අභවප්‍රාප්ත වුණා. මිය යන විට 69 වන වියේ පසුවු ඒ මහතා දෙදරු පියෙකි.

දශක පහකට ආසන්න කාලයක් චිත්‍රකතාකරුවෙක් ලෙස අතිශය ජනප්‍රියත්වයට පත්ව සිටි ඔහු, බලංගොඩ බුද්ධ ජයන්ති මහ විදුහල සහ බලංගොඩ මහා විද්‍යාලය යන පාසල් වල ආදී ශිෂ්‍යයෙකි. 

පාසල් සමයේ සිටම චිත්‍රකතා ඇඳි ඔහු, පසුව විද්‍යා ගුරුවරයෙකු ලෙසද සේවය කර තිබෙනවා. ඔහු සතුට චිත්‍රකතා පුවත් පතට සම්බන්ධ වී ඇත්තේ ගුරු වෘත්තියේ නියැලෙමින් සිටියදීමය.

ගුරු වෘත්තීයෙන් සමු ගැනීමෙන් පසු පුර්ණකාලීනව චිත්‍රකතා ශිල්පියකු වූ සරත් මධු මහතා ඉන්පසු සිත්තර , සත්සිරි , හිතවත ,සදා වාසනා යන චිත්‍රකතා පුවත්පත්වල සේවය කර තිබෙනවා.

ඔහුගේ ජනප්‍රියතම චිත්‍රකතාව ලෙස ජනාදරයට පත්වූයේ ‘‘ඉතිං ඊට පස්සේ‘‘ය. ඔහු මිය යනවිටද විජය පුවත්පත් සමාගම විසින් මුද්‍රනය කරනු ලබන සතුට පුවත්පතේ චිත්‍රකතා ශිල්පියකු ලෙස සේවය කරමින් සිටියා.

දේහය මහරගම ,පරණ පාර,  නාවින්න ,නාමල් උයන 154/8 නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු ලබන සදුදා (20) පස්වරු 3.00ට නුගේගොඩ උඩහමුල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.