Friday, May 10, 2024

General line - 0115112241

ජලාශ රැසක් තවමත් වාන්දමයි - හැටන් කොළඹ ගමනාගමනයට තාවකාලික පාරක්

රංජිත් රාජපක්ෂ




මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තව දුරටත් ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රි ජලාශයේ සියළුම දොරටුවලට ඉහළින් අද (18) අළුයම සිට වාන් දැමිමට පටන්ගෙන ඇති බව විදුලි බල මණ්ඩලය පවසනවා. මවුස්සාකැලේ හා ඉහළ කොත්මලේ ජලාශවල වාන් දොරටු තුන බැගින් විවෘත කර ඇති අතර ,කැනියොන් සහ ලක්ෂාපාන ජලාශවල සියළුම වාන් දොරටු විවෘත කර ඇති බවයි විදුලි බල මණ්ඩලය කියා සිටියේ. විමසුරේන්ද්‍ර ජලාශයද වාන් දමමින් පවනවා.

හැටන් - කොළඹ ප‍්‍රධාන මාර්ගය මතට හැටන්, ස්ටැඩන්වත්ත ප‍්‍රදේශයේදී පස් කන්දක් කඩා වැටීම නිසා එම මාර්ගයට සම්බන්ධව තාවකාලික අතුරු මාර්ගයක් සකස් කර තිබෙනවා. රථවාහන එම තාවකාලික අතුරු මාර්ගය ඔස්සේ දැන් ධාවනය කළ හැකි බවයි පොලීසිය පවසන්නේ. 

හැටන් - කොළඹ ප‍්‍රධාන මාර්ගයේ ස්ටැඩන්වත්ත ප‍්‍රදේශයේ තවදුරටත් නායයාමේ අවදානමක් පවතිනවා. එහි පස් කන්දක් කඩා වැටුණේ ඊයේ දිනයේයි.

උඩරට දුම්රිය මාර්ගය මතටද හැටන් - සිංගිමලේ ප‍්‍රදේශයේදි පස් කන්දක් කඩා වැටී තිබුණා. කෙසේවෙතත් මේ වනවිට පස් ඉවත් කර දුම්රිය මාර්ගය ධාවනය සදහා සකස් කර තිබෙන බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.