Friday, May 10, 2024

General line - 0115112241

පාකිස්ථාන නව අගමැති අද දිවුරුම් දෙයි

දිනුක් හේවාවිතාරණ




පසුගිය ජුලි මස 25 වනදා පැවති පාකිස්ථාන මහ මැතිවරණයෙන් ජයග්‍රහණය ලැබු PTI පක්ෂයේ නායක ඉම්රාන් ඛාන් අද (18) එරට නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දිමට නියමිතයි.

මැතිවරණයෙන් ජයග්‍රහණය ලැබුවද පාර්ලිමෙන්තුවේ බහුතර බලය නොමැතිකම නිසා ඉම්රාන් ඛාන් අගමැතිධුරයේ දිවුරුම්දිම ප්‍රමාද වුවා.

කෙසේ වුවත් ඊයේ (17) පාර්ලිමේන්තුවේ පැවති ජන්ද විමසිමකදි ඉම්රන් ඛාන්හට අවශ්‍ය සහය හිමිවිමත් සමග අද දිනයේදි අගමැතිධුරයේ දිවුරුම් දිමට ඔහු තිරණය කර තිබෙනවා.

පාකිස්ථානයේ දුෂිත දේශපාලකයින් නිතිය හමුවට ගෙන ඒමට තමන් පියවර ගන්නා බව ඉම්රාන් ඛාන් සිය මැතිවරණ සමයේදි පොරොන්දු වුවා.