Tuesday, May 14, 2024

General line - 0115112241

නව ශ්‍රී ලංකා වාර්තාවක් තැබුවත් මැතිව්ට වාසනාව හරස් වෙයි (PHOTOS)

කසුන් කැළුම් - ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර සිට




18 වැනි ආසියානු කී‍්‍රඩා උළෙලේ අද (19) පැවැති පිහිනුම් ඉසව්වකින් නව ශී‍්‍ර ලංකා වාර්තාවක් පිහිටුවීමට මැතිව් අබේසිංහ සමත් වුණා. 

ඒ මීටර් 200 නිදහස් ආර පිහිනුම් ඉසව්වට එක්වෙමින්. මූලික වටයේ පැවති තරගයකදී 6 වැනි ස්ථානය දිනා ගත් මැති අබේසිංහ එහිදී දැක් වූ දක්ෂතාව විනාඩියයි තත්පර 50යි දශම 9 යි 7ක්. 

මැතිව් අබේසිංහ බිද දැමුවේ ඔහු විසින්ම තැබු පිහිනුම් වාර්තාවක්. මැතිව් දැක් වූ දක්ෂාව අවසන් තරගයට සුදුසුකම් ලැබීමට ප‍්‍රමාණවත් වී නැහැ. 

මීටර් 200 නිදහස් ආර පිහිනුම් ඉසව්වේ තවත් මූලික වටයේ තරගයකට එක් වු කවින්ද්‍ර නුගවෙල එහි ප‍්‍රථමස්ථානය දිනා ගත්තත් ඔහුට කාල ගණනයට අනුව අවසන් තරගයට සුදුසුකම් ලැබීමට හැකි වූයේ නැහැ. ඔහුගේ තරග නිමි කාලය විනාඩියයි තත්පර 56 යි දශම 01 ක්. 

මීටර් 200 නිදහස් පිහිනුම් ඉසව්වේ මූලික වටයේ තරග සඳහා කී‍්‍රඩකයින් 34ක් සහභාගී වූ අතර කාල ගණනයට අනුව මැතිව් අබේසිංහට 12 වන ස්ථානයත් කවීන්ද්‍ර නුගවෙලට 26 වැනි ස්ථානයත් හිමිවුණා.

මේ අතර චෙරන්ත ද සිල්වා සහභාගි වූ මීටර් 200 සමනල ආර ඉසව්වද අද පැවති අතර එහිදී ඔහුට හිමි වූයේ සිව්වන ස්ථානයයි. තරග නිමි කාලය විනාඩි දෙකයි තත්පර 5 යි දශම 90ක්.

---------------------------------------

ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද ආසියානු තරග බිමේ

(19-08-2018 05:51)

 

18 වැනි ආසියානු කී‍්‍රඩා උළලේ තරග ඉසව් අද (19) සිට ආරම්භ වනවා. 

ශී‍්‍ර ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ද අද දිනෙයේ තරග ඉසව් කිහිපයක් සඳහා සහභාගී වීමට නියමිතයි. 

මැතිව් අබේසිංහ සහ ආර්. සී. ඩබ්ලිව්. නුගවෙල මීටර් 200 නිදහස් ආර පිහිනුම් ඉසව්වේ මූලික වටයේ තරග සඳහා අද සහභාගී වීමට නියමිතයි. 

චෙරන්ත ද සිල්වා සහභාගි වන මීටර් 200 සමනල ආර පිහිනුම් ඉසව්වේ මූලික වටයේ තරගයද අද පැවැත්වෙනවා. 

ශී‍්‍ර ලංකාව පදක්කම් බලාපොරොත්තු දල්වා සිටින කාන්තා සහ පිරිම් කබඩි ඉසව්වල මූලික වටයේ තරගද අද පැවැත්වෙනවා. 

බීච් වොල්බෝල්  පිරිමි ඉසව්ද අද පැවැත්වෙන අතර කාන්තා මල්ලව පොර සහ වූෂු කාන්තා ඉසව් සඳහාද ශී‍්‍ර ලංකා කී‍්‍රඩිකාවන් අද සහභාගි වීමට නියමිතයි.