Sunday, May 19, 2024

General line - 0115112241

"ජනපතිගේ සමීප ඥාතියා" පුවත ගැන පැහැදිළි කිරීමක්




ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පවුලේ කිසිඳු සාමාජිකයෙක් හෝ සමීප ඥාතියෙක් ලෙස සැලකෙන කිසිඳු පුද්ගලයෙක් ශ‍්‍රී ලංකා විදේශ සේවයට සම්බන්ධ වී කටයුතු නොකරන බව ජනධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරනවා.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවුලේ එක්තරා ඥාතියෙක් විදේශ සේවයට අයත් කාර්ය මණ්ඩලයක සේවය කරන බව සඳහන් කරමින් කිසිදු පදනමක් නොමැති සාවද්‍ය පුවතක් අන්තර්ජාලයෙහි සංසරණය වී ඇති බවයි ජනධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරන්නේ. 

එය සම්පූර්ණයෙන් අසත්‍ය හා මහජනතාව නොමග යැවීමේ අරමුණින් පළ කර ඇති පුවතක් බවද ජනාධිපති මධ්‍ය ඒකකය පළ කර ඇති පුවතේ සඳහන් වෙනවා.