Sunday, May 19, 2024

General line - 0115112241

ෆීජි දූපත් ආශ්‍රිත මුහුදේ මැග්නිටියුඩ් ඒකක 8.2 ක භූ චලනයක්




පැසිෆික් සාගර කලාපයේ පිහිටි ෆීජි දූපත ආශි‍්‍රතව මැග්නිටියුඞ් ඒකක 8.2 ක ප‍්‍රභලත්වයකින් යුත් භූ කම්පනයක් හට ගෙන තිබෙනවා.

අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවසුවේ පොළව මටටමේ සිට කිලෝමීටර් 559ක් පමණ වන ගැඹුරු භූ පතුලේ මෙම කම්පනය හට ගෙන ඇති බවයි.

ඒ අනුව මෙම භූ කම්පන තත්ත්වය හේතුවෙන් සුනාමියක බලපෑම් එල්ල විමේ අවදානම අඩු බවද අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළා. කෙසේවෙතත් භූ කම්පනයෙන් සිදුවූ ජීවිත හෝ දේපළ හානියක් පිළිබඳ මෙතෙක් අනාවරණ වී නැහැ.

භූ කම්පනයේ ප‍්‍රභලත්වය අනුව එය ගැඹුරු භූ පතුලේ සිදුනොවුනි නම් සිදුවිය හැකි හානි ප‍්‍රමාණය දරුණු විය හැකි බවයි බලධාරීන් පවසන්නේ. 

මෙම භූ කම්පනයෙන් ශී‍්‍ර ලංකාවටද බලපැමක් නොමැති බව නෙත් නිවුස් කළ විමසීමකදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා.