අධික ජීවන වියදමකට ජනතාව මුහුණ පා සිටියදී දුම්රිය ගාස්තු ඉහළ දැමීම කිසිසේත් සාධාරණ නොවන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
එහි නියෝජිත පාර්ලිමේන්තු මන්ති්ර ෂෙහාන් සේමසිංහ මේ බව කියා සිටියේ දුම්රිය ගාස්තු සියයට 15කින් ඉහළ දැමීමට රජය ගෙන ඇතැයි පැවසෙන තීරණය සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ කරුණු විමසීමකදීයි.
එහිදී වැඩි දුරටත් සඳහන් කෙරුණේ "පසුගිය කාලයේ බස් ගාස්තුවලට සාපේක්ෂව දුම්රිය ගාස්තු වැඩි වෙලා නැතුව ඇතැයි කියලා අපි පිළිගන්නවා. නමුත් මේ වෙලාවේ ඒක වැඩි කිරීම ජනතාවට පීඩාවක් ඇති කරන්නක්. ආණ්ඩුව ජනතාව ගැන කල්පනා කරනවා නම් නැවත වාරයක් මේ රටේ ආර්ථිකය ගොඩනැගෙන තාක්කල්, කිසියම් පාඩුවක් තියෙනවා නම් ඒක ආණ්ඩුවට විඳ දරාගෙන සිටිය යුතුයි. අගමැතිතුමා කියනවා මේ අවුරුදු 03 නිදහසේ හුස්ම ගත්තා කියලා.. මම හිතන්නේ හුස්ම ගැනීම කෙසේවෙතත් ඉතා අමාරුවෙන් එදා වේල හොයා ගත්ත කාලයක් තමයි ගෙවුණේ. කොහොම වුණත් ආණ්ඩුව පාඩුව පියවන්න ජනතාව පිට ඒ බර පටවන්නේ නැතුව කරන්න තියෙන්නේ මැති ඇමතිවරු කැපකිරීම් කරලා ඒක විඳදරා ගන්න එකයි." යනුවෙනි.