ලෝක උරුමයක් ලෙස සැලකෙන ඓතිහාසික සීගිරිය පර්වතයට පොලිතීන් සහ ප්ලාස්ටික්වලින් යළි බලපෑම් එල්ල වෙමින් පවතිනවා.
සීගිරිය නැරඹීමට පැමිණෙන පුද්ගලයින් ගෙන එන පොලිතීන් බෑග් සහ වතුර බෝතල් සීගිරිය පර්වතය මුදුනේ පවා දමා ගොස් ඇති ආකාරය පසුගියදා එහි ගිය නෙත් නිවුස් කණ්ඩායමකට දැකගත හැකිවුණා.
මීට පෙර සීගිරිය පර්වතය නැරඹීමට යාමේදී පොලිතීන් රැගෙන යාම තහනම් කර තිබුණත් එය මේවනවිට නිසි අයුරින් කි‍්‍රයාත්මක නොවන බවයි එහිදී නිරික්ෂණය වුණේ.
මේ පිළිබඳ අදහස් දැක්වූ සොභාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් පෙන්වා දුන්නේ මෙවැනි තත්ත්වයන් ඓතිහාසික සීගිරිය පර්වතයේ පැවැත්මට තර්ජනයක් බවයි.