Wednesday, May 15, 2024

General line - 0115112241

ඉන්දුනීසියාවේත් භූ කම්පනයක්

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඉන්දුනීිසියාවේ ලොම්බෝක් දුපත ආශී‍්‍රතව අද (19) යළිත් භූ කම්පනයක් සිදුව තිබෙනවා. එහි ප‍්‍රභලත්වය සටහන්වූයේ මැග්නිටියුඞ් ඒකක 6.3ක් ලෙසයි. පොලව මට්ටමේ සිට කිලෝ මීටර් 07ක් පමණ වන භූ පතුලේ මෙම කම්පන තත්ත්වය හට ගෙන ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ. 

කම්පන තත්ත්වයේ බලපෑම එල්ල වීමත් සමගම ලොම්බොක් වැසියන් ආරක්ෂිත ස්ථාන වෙත දිවගිය බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. මීට සති දෙකකට පෙරදී ඉන්දුනීසියාවට බලපෑ දරුණු භූ කම්පන තත්ත්වයෙන් පුද්ගලයින් 460 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

මේ අතර පැසිෆික් සාගර කලාපයේ පිහිටි ෆීජි දුපත ආශි‍්‍රතවද අද උදෑසන මැග්නිටියුඞ් ඒකක 8.2 ක ප‍්‍රභලත්වයකින් යුත් ප‍්‍රභල භූ කම්පනයක් සිදුවුණා.