Wednesday, May 15, 2024

General line - 0115112241

පාසල් සිසුන්ගේ ඉංග්‍රීසි දැනුම වර්ධනයට රොබෝවරුන් යොදා ගන්නා රට

දිනුක් හේවාවිතාරණ




ජපාන පාසැල් ළමුන්ගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කිරීම සදහා කෘතිම බුද්ධිය සහිත රොබෝවරුන් යොදා ගැනීමට එරට අධ්‍යාපන බලධාරීන් තීරණය කර ඇති බව NHK පුවත් සේවය වාර්තා කර සිටිනවා.

ජපාන පාසල් ශිෂ්‍යයින් ඉංග්‍රීසි භාෂාව කතා කිරීමට හෝ ලිවීමට දක්වන්නේ දැඩි දුර්වලතාවයක්. මේ හේතුවෙන් වසර 02 ක පුර්ණ විෂය නිර්දේශයක් අනුව මෙම ක්‍රමවේදය හදුන්වා දීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ලබන වසරේ අප්‍රේල් මස සිට පාසල් 500 කට මෙම කෘතීම බුද්ධිය සහිත රොබෝවරුන් ලබාදී ඒ මගින් මුලික අත්හදා බැලීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිත බව සදහන්.

ජපානයේ ඇතැම් පාසල් සිය සිසුන්ගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරලීම සහ භාෂා උච්චාරණය කිරීමට පහසුවක් සදහා රොබෝවරුන් යොදා ගනු ලබනවා.

මිට අමතරව සිසුන්ගේ ඉංග්‍රීසි දුරකථන ඇප් හරහා ඉංග්‍රීසි සංවාද හරහා සිසුන්ගේ කථන හැකියාව වර්ධනය කිරීමට බලාපොරොත්තු වන බවයි ජපාන අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරන්නේ.

මිට අමතරව ජපානයේ ප්‍රාථමික අංශයේ ගුරුවරුන්ගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරලීම සදහා ද එරට අධ්‍යාපන අමාත්‍යංශයට දැඩි වෙහෙසක් ගැනීමට සිදුව තිබෙනවා. මේ හේතුවෙන් සිසුන්ගේ පමණක් නොව ගුරුවරුන්ගේ ඉංග්‍රීසි භාෂා වර්ධනය කරලීම සදහා අවශ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන බවයි අධ්‍යාපන බලධාරින් සදහන් කරන්නේ.