Tuesday, May 14, 2024

General line - 0115112241

ඕස්ටේ‍්‍රලියාවෙන් බිහිවූ තවත් විශිෂ්ටයෙකු කි‍්‍රකට් පිටියට සමුදෙයි

තරංග රුක්ෂාන් ජයසේකර




ඕස්ටේ‍්‍රලියාවෙන් බිහි වූ තවත් විශිෂ්ට ක‍්‍රීඩකයෙකු වන මිචෙල් ජොන්සන් සියලූ ආකාරයේ ජාත්‍යන්තර ක‍්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබෙනවා.

මේ වනවිට 36 හැවිරිදි වියේ පසුවන වමතින් වේග පන්දු යවන මිචෙල් ජොන්සන්  ඕස්ටේ‍්‍රලියාව වෙනුවෙන් ක‍්‍රීඩා කර ඇති එක්දින තරග සංඛ්‍යාව 153ක්. එහිදී ඔහු කඩුලූ 239ක් බිඳ හෙළා තිබෙනවා.

ටෙස්ට් තරග 73කදී ඔහු බිඳ හෙලා ඇති කඩුලූ සංඛ්‍යාව 313ක්. 2015 වසරේ සිට මේ දක්වා මිචෙල් ජොන්සන්ට  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ තැනැක් හිමි වූයේ නැහැ. ලොවපුරා ලීග් ක‍්‍රිකට් තරගාවලිවල ප‍්‍රධාන පෙලේ ක‍්‍රීඩකයෙකු ලෙසටයි ඔහු සැලකෙන්නේ.