අම්පාර උහන කුමාරිගම ගම්මානයට කඩා වැදුනු වන අලි තිදෙනෙකු පලවා හැරීම සඳහා දැවැන්ත මෙහෙයුමක් සිදු කළ බව නෙත් නිවුස් වාර්තාකරු පවසනවා. ඒ සඳහා වනජීවි නිලධාරීන් මෙන්ම ගම්වාසීන් ද එක්ව සිටියා.
මෙම වන අලින් තිදෙනා කුඹුරු විනාශ කර ඇති බව ගම්වාසීන් ප්රකාශ කළා. පසුව ඔවුන් අම්පාර වනජීවි කාර්යාලයට ඒ පිළිබඳ දැනුම් දීමෙන් පසුව මෙහෙයුම් ආරම්භ කෙරුණා. ගම්මානයෙන් පළවා හැරියද මෙම වනඅලි තිදෙනා අසළ කැළෑවක රැඳී සිටින බවයි ගම්වාසීන් පවසන්නේ.
ජලය නොමැතිකමින් මෙවර වගා කර ඇත්තේ සීමිත කුඹුරු ප්රමාණයක් බවත් ඒවාද වනඅලින්ගෙන් බේරාගැනීමට නොහැකි වී ඇති බවත් ඔවුන් වැඩිදුරටත් කියා සිටියා.