Friday, April 19, 2024

General line - 0115112241

අයි එස් බවට සැක 9ක් ඝාතනය කෙරේ




බංග්ලාදේශ පොලිසිය එරට අගනගරය වන ඩකා නුවරදී කළ මෙහෙයුමකදී අයි.එස්. සටන්කාමීන් බවට සැකකරන පුද්ගලයින් 9 දෙනෙකු ඝාතනය කර තිබෙනවා.

දෙපාර්ශ්වය අතර වෙඩි හුවමාරුවක් සිදුව ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

පොලිසිය සෝදිසි මෙහෙයුමක යෙදී සිටියදී සැකකරුවන් ඔවුන් වෙත අත් බෝම්බවලින් දමා ගසා තිබෙනවා. වෙඩි හුවමාරුව සිදුව ඇත්තේ ඉන් අනතුරුවයි.

මීට සති කිහිපයකට පෙර ඩකා නුවර අවන්හලකට ප‍්‍රහාරයක් එල්ල වුණා. ඉන් මියගිය ගණන 20 දෙනෙකුට වැඩියි.

අද කෙරුණු මෙහෙයුමේදී ඝාතනයට ලක්වූයේ මෙම ප‍්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් දැයි සැක පළ වනවා.

කෙසේ වෙතත් ඒ පිළිබඳ තහවුරු කළ දත්ත තවමත් ප‍්‍රසිද්ධ කර නැහැ.