නෙත් එෆ්. එම්. රේඩියෝවට ඉකුත් සමයේ එල්ල වූ තර්ජන සම්බන්ධයෙන් පොලිස් පරික්ෂණ සිදුවීම ප්‍රමාද වෙමින් ඇතැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.
එලෙස පරික්ෂණ ප්‍රමාද වීම ගැටලූ සහගත බවයි මන්තී‍්‍රවරයා කියා සිටියේ.
(එහිදී දැක්වූ අදහස් පහතින් අහන්න)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉකුත් දා සිදු කළ ප්‍රශ්ණ කිරීම පිිළිබඳවද මන්තී‍්‍රවරයා මාධ්‍ය හමුවේ අදහස් පළ කළා.
එහිදී "ප්රභාකරන්ට ගහලා මුළු රට වැසියන්ටම අභය දානය ලබා දීපු මනුස්සයාව ඒ වගේ ප්‍රමාණයකට පහලට දාලා කටයුතු කරන රටක අපි ජීවත් වෙන්නේ." යනුවෙන් සඳහන් කළා.
පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය බන්දුල ගුණවර්ධන මෙම අදහස් පළ කළේ කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.