තමා ඉදිරියේදී උතුරු මැද පළාත් සභාවට තරග වදින බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා පවසනවා.
නව සංවිධානයකින් මැතිවරණයට ඉදිරිපත් වන බවයි හිටපු අමාත්‍යවරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ.
තිස්සමහාරාමයෙන් සහ කැළණියෙන් මන්තී‍්‍ර ධූර දරූ තමන්ට උතුරු මැද අභියෝගයක් නොවන බවයි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සඳහන් කළේ.
උතුරු මැද පළාතේ මහා සංඝරත්නයෙන් සහ ජනතාවගෙන් ලද ආරාධනය මත තමා මෙලෙස දේශපාලනයට පිවිසෙන බවයි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා නෙත් නිවුස් වෙත කියා සිටියේ. තමා බිහිකළ වීර දුටුගැමුණු නව සංවිධානය පක්ෂයක් ලෙස ලියාපදිංචි කරන බවද මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණා.