Wednesday, January 15, 2025

General line - 0115112241

දකුණේ ළමා නිවාස 05ක් වසා දැමේ

ලලිත් චාමින්ද - ගාල්ල




දකුණු පළාත තුළ පවත්වාගෙන ගිය ළමා නිවාස 05ක් පසුගිය වසර 04 ඇතුළත වසාදමා තිබෙනවා. දකුණු පළාත් සමාජසේවා සහ පරිවාස කොමසාරිස් මහේෂ් රාජිත කරුණානායක පැවසුවේ දකුණු පළාතේ නිවාසගත ළමයින්ගේ සංඛ්‍යාව අඩුවීම හේතුවෙන් එම ළමා නිවාස මෙලෙස වසා දැමුණු බවයි.

2014 වසර වනවිට දකුණු පළාතේ ළමා නිවාස 29ක් පැවතියා. ඒවායේ සිටි ළමයින් සංඛ්‍යාව 1560ක්. මේ වනවිට දකුණු පළාතේ නිවාසගත ළමයින්ගේ සංඛයාව 856ක් දක්වා අඩු වී තිබෙනවා. මීට අමතරව ආර්ථික අපහසුතා නිසා නිවාසගතවීමේ අවදානමක් සහිත දරු දැරියන් 500කට ආසන්න පිරිසක් ද හදුනාගෙන සිටින බවයි දකුණු පළාත් සමාජසේවා සහ පරිවාස කොමසාරිස්වරයා කියා සිටියේ.

එම දරුවන් ඔවුන්ගේ ඥාතීන් භාරයේ රඳවා ඔවුන් වෙනුවෙන් මාසිකව රුපියල් දහස බැගින් සහනාධාරයක් ලබාදෙන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.