Wednesday, January 15, 2025

General line - 0115112241

ත‍්‍රීරෝද රථ නියාමනයට කොමිසමක්

ලහිරු කපුගේ




තී‍්‍රරෝද රථ නියාමනය සඳහා නියාමන කොමිසමක් පත් කිරීමට නීති කෙටුම්පත් කර තිබෙනවා. අද (20)  පැවැත් වූ මාධ්‍ය හමුවේදී අමාත්‍ය මංගල සමරවීර පැවසුවේ එම කෙටුම්පත් දැනටමත් නීතිපති දෙපාර්තමේන්තුව වෙත ද භාරදී ඇති බවයි. 

ත‍්‍රීරෝද රථ රියදුරන්ට පුහුණුවක් ලබාදීමට ආරම්භ කර ඇතැයිද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. ත‍්‍රීරෝද රථ රියදුරන්ට හෝ ඔවුන්ගේ භාර්යාවන්ට ‘‘එන්ටර්ප‍්‍රයිසස් ශ‍්‍රී ලංකා’’ වැඩසටහන යටතේ ස්වයං රැකියා ආරම්භ කිරීමට ණය ලබාදීමට ද තීරණය කළ බවයි අමාත්‍යවරයා පැවසුවේ. 

කෙසේ වෙතත් වයස අවුරුදු 35ට අඩු තැනැත්තන්ට කුළී ත‍්‍රීරෝද රථ පැදවීම තහනම් කිරීමට ඉදිරිපත් වී ඇති යෝජනාවට තමන් එකඟ නොවන බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා. ඒ පිළිබඳ කැබිනට් මණ්ඩලයේ දී ද කරුණු දක්වන බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.