Wednesday, May 8, 2024

General line - 0115112241

චමරිගෙන් නව ශී‍්‍ර ලංකා වාර්තාවක්

කසුන් කැළුම් - ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර සිට




18 වැනි ආසියානු කී‍්‍රඩා උළලේ ඊයේ (21) පැවති කිලෝග‍්‍රෑම් 53 බර පන්තියෙන් බර ඉසිලීමේ කාන්තා ඉසව්වට එක් වූ චමරි වර්ණකුලසූරිය නව ශී‍්‍ර ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත් වුණා. 

ඒ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක‍්‍රමයටයි. 

ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක‍්‍රමයට කිලෝග‍්‍රෑම් 96ක් ඔසවමින් ඇය මෙම වාර්තාව පිහිටුවූවා. කී‍්‍රඩිකාවන් 12 දෙනෙකු තරග වැදුණු මෙම බර ඉසිලීමේ ඉසව්වේදී චමරි වර්ණකුලසූරියට හිමි වූයේ 10 වැනි ස්ථානයයි.