Tuesday, May 7, 2024

General line - 0115112241

ඉන්දික සහ පිහිනුම් කණ්ඩායම අද තරග බිමේ

කසුන් කැළුම් - ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර සිට




18 වන ආසියානු කී‍්‍රඩා උළලේ අද (22) තරග ඉසව් පැවැත්වෙන 5 වන දිනයයි. ශී‍්‍ර ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් අද දිනයේ ඉසව් කිහිපයක් සඳහා එක්වනවා.

ශී‍්‍ර ලංකා පැසිපන්දු කාන්තා පිල සත්කාරක ඉන්දුනීසියාවට එරෙහිව තරගවදින අතර බේස් බෝල් පිරිමි කණ්ඩායම අද ලාඕසයට එරෙහිව තරග වැදීමට නියමිතයි.

ශී‍්‍ර ලංකා පිරිමි හොකී කණ්ඩායම සහභාගි වන තවත් තරගයක් අද පැවැත්වෙනවා. එ් කොරියානු කණ්ඩායමට එරෙහිවයි.

උතුරු කොරියාව සහ දකුණු කොරියාව හොකී ඇතුලූ තවත් ඉසව් කිහිපයක් සඳහා මෙවර තරග වදින්නේ එ්කාබද්ධ කණ්ඩායමක් ලෙසයි. ශී‍්‍ර ලංකාව, ඔරුපැදීමේ පිරිමි කණ්ඩායම් ඉසව්ව සඳහාද අද එක්වනවා.

පිරිමි ටයිකොන්ඩෝ ඉසව්වේ දෙවන වටයේ තරගයක් සඳහා ශී‍්‍ර ලංකාව නියෝජනය කරන සම්පත් ලියනගේ අද සහභාගි වීමට නියමිතයි. කිලෝග‍්‍රැම් 63 බර පන්තියෙන් තරග වදින සම්පත්ගේ ප‍්‍රතිවාදියා වන්නේ ජපන් කී‍්‍රඩකයෙක්.

මේ අතර 100X04 නිදහස් ආර පිහිනුම් ඉසව්වේ මූලික වටයේ තරගයකට මැතිව් අබේසිංහ ප‍්‍රමුඛ ශී‍්‍ර ලංකා පිහිනුම් කණ්ඩායම සහභාගි වනවා. මෙම ඉසව්වට එක්වන සෙසු පිහිනුම් සාමාජිකයන් වන්නේ චෙරන්ත ද සිල්වා, කයිල් අබේසිංහ සහ අකලංක පීරිස්. 

මේ අතර පොදුරාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ රිදී පදක්කම් ලාභී ඉන්දික දිසානායක සහභාගි වන තරගයද අද පස්වරුවේ පැවැත්වෙනවා. ඔහු තරග වදින්නේ කිලෝග‍්‍රැම් 69 බර පන්තියෙන්.