Tuesday, May 7, 2024

General line - 0115112241

දිගු කාලයක් නිහඬව සිට පැමිණි මාලිංගට පිතිකරුවන් මුහුණ දුන් හැටි (VIDEO)




මෙරට පැවැත්වෙන ප‍්‍රමුඛතම පන්දුවාර 20 ලීග් කි‍්‍රකට් තරගාවලියේ පළමු දිනයේදීම ශතක දෙකක් වාර්තා කිරීමට උපුල් තරංග සහ අශාන් පි‍්‍රයන්ජන් සමත් වී තිබෙනවා.

කොළඹ කණ්ඩායම නියෝජනය කරන උපුල් තරංග සිය ශතකයක රැස් කළේ ගාල්ල කණ්ඩායමට එරෙහිවයි. පන්දු 67කදී හයේ පහර 11ක් සහ 04 පහර 05ක් සමග ඔහු රැස් කළ ලකුණු සංඛ්‍යාව 124ක්.

තරගයෙන් කොළඹ කණ්ඩායමට ලකුණු 90ක ජයක් හිමිවුණා.

දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන අශාන් පි‍්‍රයන්ජන් 06යේ පහර 06ක් සහ 04 පහර 09ක් සමග පන්දු 52කදී නොදැවී ලකුණු 108ක් රැස් කළා. ඒ, මහනුවර කණ්ඩායමට එරෙහිවයි.

තරගයෙන් දඹුල්ල කණ්ඩායම ලකුණු 18ක ජයක් හිමිකර ගත්තා.

වසරකට ආසන්න කාලයක් ජාත්‍යන්තර තරග බිමේදී ශී‍්‍ර ලංකාව නියෝජනය නොකළ ලසිත් මාලිංග මෙහිදී මහනුවර කණ්ඩායම නියෝජනය කරමින් ලකුණූ 30කට එක් කඩුල්ලක් දවා ගැනීමට සමත්වුණා.