මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ රියදුරන් නියාමනය කිරීම සඳහා ඉදිරිපත්ව ඇති යෝජනාව රජය අත්හැර නොමැති බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම පවසනවා.
ඊයේ (22) රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
එහිදී "ත්‍රීරෝද රථ ප්‍රමාණය ඇත්තටම රටට අවශ්‍ය කරන ප්‍රමාණයටත් වඩා වැඩියි. රටට මීට වඩා දෙයක් කරන්න පුළුවන් කම තිබියදී රටේ තරුණ සම්පත මේ සඳහා යොමු වෙලා. ඒ නිසා මේ අයගේ දැනුම, ශ්‍රමය, හැකියාව රෝද තුනකට සීමා වෙලා. ඒක රටට ප්‍රශ්නයක්. ඒ නිසා අපි මේක නියාමනය කරන්න වැඩපිළිවෙළක් හදනවා. ඉතින් අපි නීතියන් හැදුවට වැඩක් නෑ..ඒ නීතියෙන් ප්‍රශ්න ඇති වෙන අයට විකල්ප මාර්ගයක් නිර්මාණය කරන්නේ නැතිව. ඒ නිසා අපි ඒ සඳහා යනවා." යනුවෙන් සඳහන් කළා.
මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ නියාමනය සඳහා සංකීර්ණ ක්‍රියාවලියක් අවශ්‍ය බවද නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මෙහිදී ප්‍රකාශ කළා.
ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් සම්පූර්ණ වැඩසටහනට මෙතැනින් පිවිසෙන්න.