බස්නාහිර පළාත් සභාවේ ප්‍රශ්නගත පුටු ගනුදෙනුව සඳහා මේ වනවිටත් ඇණවුම් භාරදී ඇතැයි නෙත් නිවුස් වෙත වාර්තා වුණා.
ටෙන්ඩර් පටිපාටියට අනුව ඇණවුම භාරගෙන ඇත්තේ ශ්‍රී ලංකා සමාගමක් බවයි වැඩිදුරටත් අනාවරණ වුණේ. කෙසේ වෙතත් පුටු නිෂ්පදනය කෙරෙන්නේ බෙල්ජියමෙන් බවද නෙත් නිවුස් වෙත වාර්තා වුණා.
මුලින් ප්‍රකාශ වුයේ මෙම පුටුවකට වටිනාකම රුපියල් හය ලක්ෂ 40,000ක් බවයි. එහෙත් පුටුවක සැබෑ වටිනාකම රුපියල් ලක්ෂ 02ක් බවද ඉතිරිය රජයේ බදු හා වෙනත් ගාස්තු බවද නෙත් නිවුස් කළ සොයා බැලීමේදී අනාවරණ වුණා.
අංශක 360ක් කරකැවිය හැකි වීම මෙම පුටුවෙහි විශේෂත්වයක්. අවශ්‍ය පරිදි සකස් කර ගැනීමට හැකි වීම එහි තවත් විශේෂත්වයක් වනවා.
කෙසේ වෙතත් නෙත් නිවුස් කළ විමසීමකදී බස්නාහිර ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර පැවසුවේ ප්‍රශ්නගත ගනුදෙනුව තාවකාලිකව අත්හිටුවා ඇති බවයි. මෙම ගනුදෙනුව පිළිබඳ විමර්ශනය කිරීමට කමිටුවක් පත් කර ඇතැයි ද එහි වාර්තාව ලැබී සිය තීරණය ලබාදෙන තෙක් ගනුදෙනුව ඉදිරියට කරගෙන යා නොහැකි බවද ඔහු පැවසුවා.