මින්නේරි වනජීවි කාර්යාලයේ ඊයේ (26) රාත‍්‍රියේ ඇති වූ ගැටුමෙන් තුවාල ලැබූ නිලධාරීන් 06 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබනවා.
නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ වනජීවි නිලධාරීන් විසින් සිදු කෙරුණු අත්අඩංගුවට ගැනීමකට විරෝධය පළ කරමින් කිසියම් පිරිසක් මින්නේරිය වනජීවි කාර්යාලය වටලා උද්ඝෝෂණයක නිරත වූ බවයි.
පසුව උද්ඝෝෂකයින් වනජීවි නිලධාරීන්ට පහරදී ඇතැයි ද පැවසෙනවා. පොලිසිය මැදිහත් වී සිද්ධිය සමථ කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.