Thursday, January 16, 2025

General line - 0115112241

මින්නේරිය ජාතික වනෝද්‍යානය වසා නෑ

හේමන්ත කහවලගේ/සජිත් තිලකරත්න




මින්නේරිය ජාතික වනෝද්‍යානය වසා දැමීමක් සිදු කර නොමැති බව වනජීවි දෙපාර්තමේන්තුව පවසනවා.

මින්නේරිය වනජීවි කාර්යාලයේ ඊයේ (26) රාත‍්‍රියේ ඇති වූ සිද්ධියක් පදනම් කර ගනිමින් ජාතික වනෝද්‍යානය තාවකාලිකව වසා දමා ඇති බවට වාර්තා වුණා. කෙසේ වෙතත් නෙත් නිවුස් කළ විමසීමකදී වනජීවි අධ්‍යක්‍ෂ ජනරාල් එම්. ජී. සී. සූරියබණ්ඩාර එම වාර්තා ප‍්‍රතික්ෂේප කළා.

ඔහු කියා සිටියේ කිසිදු හේතුවක් මත වනෝද්‍යානය වසා දමා නොමැති බවයි. 

වනජීවි නිලධාරීන් විසින් සිදු කෙරුණු අත්අඩංගුවට ගැනීමකට විරෝධය පළ කරමින් කිසියම් පිරිසක් ඊයේ රාත‍්‍රියේ මින්නේරිය වනජීවි කාර්යාලය වටලා උද්ඝෝෂණයක නිරත වී තිබුණා. පසුව උද්ඝෝෂකයින් විසින් සිදු කළ පහරදීමකින් වනජීවි නිලධාරීන් 06 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ. 

මේ අතර සැප්තැම්බර් මස පළමු වනදා සිට මාස 02ක කාලයක් යාල ජාතික වනෝද්‍යානය වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ, පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන්.