ආණ්ඩුව ඉදිරිපත් කරන මීළඟ අයවැය පරාජය කිරීමට පාර්ශව කිහිපයක් සමග මේ වනවිටත් රහස් සාකච්ඡා ආරම්භ කර ඇති බවට ඒකාබද්ධ විපක්ෂය සිදු කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය අද (27) ප‍්‍රතිචාර දැක්වූවා.
ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ති‍්‍ර ෂෙහාන් සේමසිංහ පැවසුවේ අයවැය පරාජය කිරීම සඳහා ආණ්ඩුවේම ඇතැම් සාමාජිකයින්ද තම පක්ෂය සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බවයි. මේ, ඊට ප‍්‍රතිචාර දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හෙක්ටර් අප්පුහාමි.
පොහොට්ටුවට යන එන නැති මොහොතක් මේක. පක්ෂේ ඇතුලේ කඹ ඇදිලි. මේ දවස්වල කතාවක් ගොතාගෙන යනවා ඉදිරි අයවැය පරාජය කරන්න කටයුතු කරනවා කියලා. ඒකත් හරියට මහින්ද රාජපක්ෂ මහත්තයාට ආපහු ජන්දේ ඉල්ලන්න පුළුවන් කියලා ගෙතුව කතාව වගේ එකක්. ලබන 05 වෙනිදා තියන විරෝධතාවයට සෙනග ගෙන්න ගන්න කරන වැඩක් යැයි මෙහිදී මන්ත්‍රීවරය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අභ්‍යන්තර අර්බුද වසා ගැනීම සඳහා ඔවුන් මෙවැනි විවිධ ප‍්‍රකාශ සිදු කරන බවද හෙක්ටර් අප්පුහාමි මන්ත‍්‍රීවරයා මෙහිදී කියා සිටියා.