විපක්ෂ නායක ධුරය වෙනුවෙන් කළ සටන අතහැර දැන් ආරම්භ කර ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යළි ජනාධිපති කිරීමේ සටනක් බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම ප‍්‍රකාශ කළේ විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් කාථානායක තීන්දුව ප‍්‍රකාශයට පත්කීරිමෙන් පසු තවදුරටත් ඒ පිළිබඳ සාකච්ඡා කිරීම නිෂ්ඵල බවයි.
හිටපු ජනාධිපතිවරයාට යලි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නොහැකි බවට විජයදාස රාජපක්ෂ ඇමතිවරයා පසුගියදා සිදුකල ප්‍රකාශය ගැන කුමාර වෙල්ගම ලබා දුන් පිළිතුර පහත හඬ පටයෙන්
කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂය පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසුවේ විපක්ෂ නායක සටන ආරම්භ කෙරුණේ කථානායකවරයාගේ තීන්දුව ප‍්‍රකාශයට පත්කිරීමෙන් පසුව බවයි.