සැප්තැම්බර් මස 10 වනදා ආරම්භ වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 39 වන සැසිවාරයට ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කළ වාර්තා 02ක් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වනවා.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ බලහත්කාරයෙන් රඳවා ගැනීම් පිළිබඳ වාර්තාවක් සහ සත්‍ය, සාධාරණත්වය, නීතිය, හා වන්දි ගෙවීම් යන කරුණු පිළිබඳ තවත් වාර්තාවක් එහිදී ඉදිරිපත් කෙරෙන බවයි.
එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ඞී ග‍්‍රීෆ් දින 14ක් ශ‍්‍රී ලංකාවේ සංචාරයක නිරත වී අධ්‍යයන කළ කරුණු මත පදනම්ව එම වාර්තා 02 සකස් කර ඇතැයි සඳහන්.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙවර සැසිවාරය සැප්තැම්බර් 10 වනදා සිට 28 වනදා දක්වා ජිනීවාහිදී පැවැත්වීමට නියමිතයි.