මත් කුඩු ජාවාරමට සම්බන්ධ තවත් ප්රමුඛ පෙලේ ක්‍රියාකාරිණියක් වත්තල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, හෙරොයින් ග්‍රෑම් 01යි මිලිග්‍රෑම් 400ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11යි මිලි ග්‍රෑම් 100ක් සමඟයි. මෙම කාන්තාව බාලක්‍රිෂ්ණන් පද්මිණී ප්‍රියදර්ශනී ලෙස හදුනාගෙන තිබෙනවා.
පාතාල ක්‍රියාකාරීකයෙකු ලෙස ප්රකටව සිට ඝාතනයට ලක්වූ ඞී මංජු නමැත්තා සමඟද ඇය සමීප සබඳතා පවත්වා ඇති බවයි විමර්ශනවලින් හෙළි වී ඇත්තේ.