Thursday, January 16, 2025

General line - 0115112241

විශ‍්‍රාමික මේජර් ජනරාල් අමල් කරුණාසේකර යළි රිමාන්ඞ්

අධිකරණ වාර්තාකරු




මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ විශ‍්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර ලබන 10 වනදා දක්වා අද (27) යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයක් අනුවයි.

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන යාම 2008 වසරේ මැයි මස 22 වනදා දෙහිවල ප‍්‍රදේශයේදී සිදු වුණා. ඒ සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශ‍්‍රාමික මේජර් ජනරාල් අමල් කරුණාසේකර අත්අඩංගුවට ගැණුනේ ඉකුත් අපේ‍්‍රල් මස 05වනදායි.