Thursday, January 16, 2025

General line - 0115112241

ජාලිය වික‍්‍රමසූරිය අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් යළි විවෘත වරෙන්තුවක්

අධිකරණ වාර්තාකරු




අමෙරිකාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති ජාලිය වික‍්‍රමසූරිය අත්අඩංගුවට ගැනීමට අද (27) යලි විවෘත වරෙන්තුවක් නිකුත් කළා. ඒ, කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න විසින්. 

ප‍්‍රතිකාර ලබා ගැනීම සදහා මාස හතරකට අමෙරිකාවට  පිටත්ව ගියද මේ දක්වා යළි අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙනුයි මෙලෙස යළි විවෘත වරෙන්තුවක් නිකුත් කෙරුණේ.

ජාලිය වික‍්‍රමසූරියගේ බිරිඳ ඇතුළු ඇපකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට ද කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් අද වරෙන්තු නිකුත් කෙරුණා.

අමෙරිකාවේ ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලය සඳහා ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේදී අමෙරිකානු ඩොලර් තුන් ලක්ෂ තිස්දහසකට අධික මුදලක් සාවද්‍ය පරිහරණය කළ බව කියන සිද්ධියකට අදාලව ඔහු චෝදනා ලැබ සිටිනවා.