රාජ්‍ය සේවයේ වැටුප් සමාලෝචන විශේෂ ජනාධිපති කොමිසම අද (27) පෙරවරුවේ පළමුවරට රැස්වුණා. ඒ, ජනාධිපති මෛති‍්‍රපාල සිිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදීයි.
කොමිසමේ ඉදිරි කටයුතු පිළිබඳ සමාලෝචනය කිරීම මෙහිදී සිදු කෙරුණා. එහි සාමාජිකයින්ට පත්වීම් ලිපි ප‍්‍රධානයද ජනාධිපතිවරයා අතින් මෙහිදී සිදු කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා සම්බන්ධයෙන් දැනට කි‍්‍රයාත්මක චක‍්‍රලේඛ හා විධිවිධාන කෙරෙහි අවදානය යොමු කරමින් රාජ්‍ය අංශයේ වැටුප් ආශි‍්‍රත ගැටලූ හෝ විෂමතා ඇත්නම් ඒවා විසඳීමට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් මෙම කමිටුව පත් කළා. ඒ, ඉකුත් 14වනදා අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණයකට අනුවයි. එස් රණුක්ගේ ඇතුලූ සාමාජිකයින් 15දෙනෙකු කමිටුවට ඇතුළත් වනවා.