Thursday, January 16, 2025

General line - 0115112241

සාධාරණ මැතිවරණ ක්‍රමයක් රටේ තියනවා- ජනපති

පසන් වික්‍රමතිලක




මෙරට මැතිවරණ ක‍්‍රමයේ තිබූ දුෂිත තත්ත්වය අවසන් කර නිදහස් හා සාධාරණ මැතිවරණ ක‍්‍රමයක් තහවුරු කිරීමට වත්මන් රජය කටයුතු කළ බව ජනාධිපති මෛතී‍්‍රපාල සිිරිසේන මහතා පවසනවා. 

කොළඹදී අද (27) ආරම්භ වූ ආසියානු මැතිවරණ පාර්ශවකරුවන්ගේ සම්මේලනයේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.

ශ්‍රී ලංකාව පැහැදිලි ශක්තිමත් ප්‍රජාත්‍රන්ත්‍රවාදී පදනමක් තියෙන රටක් බවට මම ඉතා සතුටින් කියන්න කැමතියි. මේ අවුරුදු තුනහමාරේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්න ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම අරගෙන තිබෙනවා. ජනතාවගේ නිදහස, මානව හිමිකම් ආරක්ෂා කිරීමට ගත හැකි සෑම ක්‍රියා මාර්ගයක්ම අරගෙන තියෙනවා. දුෂණයෙන් තොරව අපක්ෂපාති  නිදහස් සාධාරණ මැතිවරණ පැවැත්වීමට කොමිසමක් පිහිටුවලා එහි සභාපති ඇතුළු කොමසාරිස්වරුන් පත් කරලා අවශ්‍ය බලය ලබා දීලා තියනවා. මිට මාස 06 කට කලින් අපේ රටේ පැවතුනු පළාත් පාලන මැතිවරණයේදී තිබු මනාප ක්‍රමය අහෝසි කරලා කොට්ඨාශ ක්‍රමය යටතේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් තියන්න හැකියාව ලැබුනා.

මෙරට සියලූ මැතිවරණ නිදහස්, සාධාරණ හා සාමකාමී මැතිවරණ බවට පත් කිරීම වත්මන් රජයේ අරමුණ වන බවද ජනාධිපතිවරයා එහිදී කියා සිටියා.