සත්ව හිංසාව යටතේ දෙවිනුවර දේවාලයේ කලණ හස්තියාට සිදු වී ඇති වදහිංසාවට වෙනුවෙන් අද (27) දිනයේ දී ගන්දර පොලිසියේ වෙත වනජිවි නිළධාරින් පැමිණිල්ලක් ඉදිපත් කර තිබෙනවා. මේවන විට පැමිණිල්ල සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනිම සඳහා ඇත්ගොව්වා සොයා ගන්දර පොලිසිය පරික්ෂණ ආරම්භ කර තිබෙන බවයි අප නෙත් නිවුස් වාර්තාකරු සදහන් කලේ.
වසර තුනක කාලයක් පුරා දේවාල භුමියේ එකම ස්ථානයේ ගස් බැඳ තිබු මෙම හස්තියා සම්බන්ධයෙන් සොයා බැලිමට අද දිනයේ දී තිරසාර සංවර්ධන, වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම එම ස්ථානයට පැමිණියා.
දේවාල භුමියේ අලියා බැඳ දමා සිටින ස්ථානයට පැමිණි නියෝජ්‍ය ඇමතිවරයා විසින් එහිදී හස්තියාව නිරීක්ෂණය කළා. මෙහිදී හස්තියාට වදහිංසා විශාල ප්‍රමාණයක් සිදුව ඇති බැවින් හෙට (28) දිනයේදී කලණ හස්තියාව එම ස්ථානයෙන් ඉවත්කර අවශ්‍ය ප්‍රතිකාර සිදුකරන ලෙස නියෝජ්‍ය ඇමතිවරයා වනජීවී දෙපාර්තමේන්තුවේ ඉහල නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
පසුගියදා කලණ හස්තියාගේ පාදවල තිබෙන තුවාල වලට පින්නවල අලි අනාථාගාරයේ පශු වෛද්‍යවරුන් කණ්ඩායමක් පැමිණ ප්‍රතිකාර සිදුකර තිබුනත් පවතින අපිරිසිදු වටපිටාව හේතුවෙන් තුවාල සුවවී නැති බැවින් හස්තියා දැඩි වේදනාවකින් පසුවන අයුරු දැකගත හැකිවූ බව අප වාර්තාකරු සදහන් කර සිටියේ.
මීට අමතරව කලණ හස්තියා අපද්‍රව්‍ය බැහැර කරන ස්ථානය දේවාලය ඉදිරිපිටවන බැවින් එම නිසා ඉතා දුර්ගදයක් පැතිරි යමින් තිබෙන අතර මේ නිසා එම ස්ථානය පිරිසිදු කිරීමට අදාළ අංශවලට නියෝජ්‍ය ඇමතිවරයා විසින් දැනුම් දීමක් සිදුකර තිබෙනවා.