Thursday, January 16, 2025

General line - 0115112241

ශ්‍රී ලංකා අගමැතිවරයා සහ වියට්නාම් නියෝජ්‍ය අගමැතිවරයා අතර හමුවක්




වියට්නාමයේ නිල සංචාරයක නිරත අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ වියට්නාමයේ නියෝජ්‍ය අග‍්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය ෆාම් බින් මින් අතර හමුවක් අද (27) පැවැත්වුණා. ශී‍්‍ර ලංකාව සහ වියට්නාමය අතර සාම්ප‍්‍රදායික සබඳතා තවතවත් පුළුල් කරමින් දේශපාලන සහයෝගීතා ඔස්සේ ආර්ථික සබඳතා ශක්තිමත් හා පුළුල් කරලීමට දෙපාර්ශවයම කටයුතු කළ බවයි ශී‍්‍ර ලංකා අග‍්‍රාමාත්‍යවරයා සහ වියට්නාමයේ නියෝජ්‍ය අග‍්‍රාමාත්‍යවරයා එහිදී අවධාරණය කර ඇත්තේ. 

වියට්නාමයේ හැනොයි නුවර ඉන්දීය සාගර සමුළුවට පූර්වගාමීව වියට්නාම විදේශ කටයුතු අමාත්‍යාංශයේදී මෙම හමුව පැවැත්වුණා. ශී‍්‍ර ලංකාව සහ වියට්නාමය අතර ද්විපාර්ශවික වෙළඳාම 2020 වනවිට අමෙරිකානු ඩොලර් බිලියනයක් දක්වා ඉහළ නැංවීම සඳහා නිරන්තර සාකච්ඡා හා සැලසුම් කිරීමේ අවශ්‍යතාව පිළිබඳවද මෙහිදී අදහස් හුවමාරු වී තිබෙනවා.