ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීමක් අද (28) පස්වරුවේ පැවැත්වෙනවා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රැස්වීමේදී ලබන 05 වැනිදා ආණ්ඩුවට එරෙහිව පැවැත්වීමට නියමිත ජන බලය කොළඹට විරෝධතාව ඇතුලූ කරුණු කිහිපයක් කෙරෙහි සාකච්ඡා කිරීමට නියමිතයි.
ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත කරුණු දැක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල කියා සිටියේ කල්යමින් පවතින මැතිවරණය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරෙන බවයි.