නාවික හමුදාවෙන් යැයි පවසා හම්බන්තොට ධීවර වරායේ සිටි ධීවරයින් පිරිසක්ව පුද්ගලයින් දෙදෙනෙකු විසින් පරික්ෂා කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
එම සිද්ධියට මුහුණ පෑ එක් ධීවරයෙක් කියා සිටියේ "යතුරුපැදියකින් දෙදෙනෙක් ඇවිත් මගේ බෝට්ටුව පෙන්නලා ඇහුවා..ඒක කාගෙද කියලා..මම කිව්වා මගේ කියලා. ඊට පස්සේ ඒකේ යන කට්ටිය කව්ද කියලා ඇහුවා. එහෙම තොරතුරු ඉල්ලනකොට මම ඇහුවා ඔයගොල්ලො කව්ද කියාල. එතකොට තමයි කිව්වේ නේවි එකෙන් කියලා. හැඳුනුම්පත් පෙන්නන්න කිව්වාම බෑ කිව්වා." යනුවෙනි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොය බැලීමක් සිදු කරන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් දිනේෂ් බණ්ඩාර කියාසිටියා.