Sunday, May 5, 2024

General line - 0115112241

වනජීවි නිලධාරීන්ට පහරදීමේ සිද්ධියට 12ක් අල්ලයි

හර්ෂිකා සංජීවනී




මින්නේරිය ජාතික වනෝද්‍යානයේ වනජීවි නිලධාරීන්ට පහරදීමේ සිද්ධියට සැකපිට 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් දස දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (28) දිනයේදී බවයි පොලීසිය සඳහන් කළේ.

මින්නේරිය ජාතික වනෝද්‍යානයේ වනජීවි නිලධාරීන් හා ප‍්‍රදේශවාසීන් අතර ඉකුත් දා ගැටුමක් හට ගැණුනා.

මේ අතර තාවකාලිකව වසා දැමුණු මින්නේරිය හා කවුඩුල්ල ජාතික වනෝද්‍යාන ඊයේ යළි විවෘත කෙරුණේ සෆාරි ජීප් රථ හිමියන් සහ රියදුරන් ක‍්‍රියාත්මක කළ විරෝධතාව අවසන් විමත් සමගයි.