Sunday, May 5, 2024

General line - 0115112241

ජනපති යයි - අගමැති එයි

ටී.කේ.ජී කපිල - කටුනායක




ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බිම්ස්ටෙක් සමුළුවට සහභාගී වීම සඳහා අද  (29) දින උදෑසන නේපාලයේ කත්මණ්ඩු නුවර බලා  පිටත්ව ගියා.

ජනාධිපතිතුමා සමග තවත් 17 ක් දුත පිරිස ලෙස ඊට එක්වී සිටිනවා.

මෙම පිරිස අද දින උදෑසන 8.20 ට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි. - 282 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළේ සිට නේපාලය බලා පිටත්ව ගිය බවයි අප ගුවන්තොටුපළ වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර වියට්නාමයේ හැනෝයි නුවර පැවති ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීමෙන් අනතුරුව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දුත පිරිස ඊයේ (28) දින රාත්‍රියේ යළි ශ්‍රී ලංකාවට පැමිණියා.

අග්‍රාමාත්‍යතුමා සමග දූත පිරිස 08 දෙනෙකු ඉකුත් 25 වැනි දින වියට්නාමය බලා පිටත්ව ගොස් තිබුණා.

 මෙම පිරිස  රාත්‍රී 11.55 ට සිංගප්පූරු  ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.