Sunday, May 5, 2024

General line - 0115112241

යාපනයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් පිරිසකට අනපේක්ෂිත ප්‍රහාරයක්

දිනසේන රතුගමගේ




යාපනයේ මනියතෝට්ටම් හන්දිය අසල රාජකාරියේ නිරතව සිටි පොලිස් භටයින් පිරිසකට ඊයේ (28) සවස ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

අනපේක්ෂිත ලෙස එම එල්ල වූ  ප්‍රහාරයෙන් එක් පොලිස් භටයෙකු තුවාල ලබා යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට තිබෙනවා.

පොලිස් නිලධාරීන් රාජකාරියේ නිරතව සිටි අවස්ථාවේදී  ත්‍රීරෝද රථයක ගමන් කරමින් සිටි තුන් දෙනෙකු ත්‍රීරෝද රථය තුළම සිටිමින් මෙම ප්‍රහාරය එල්ල කොට පලා ගොස් තිබුණා.

පොලිස් නිලධාරියා මේ ප්‍රහාරයෙන් සුළු තුවාල ලබා ඇති බවයි වාර්තා වෙන්නේ. මේ වනතුරු සිද්ධියට සම්බන්ධ සැකකරුවන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති බවත් සඳහන්.