Sunday, May 5, 2024

General line - 0115112241

මිනිසාගේ මුහුණේ සිහනව හොඳින්ම හඳුනා ගන්නා සත්ත්වයා අනාවරණය වෙයි (VIDEO)

තරංග රුක්ෂාන් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




මිනිසාගේ මුහුණේ ඇති සතුටු ඉරියව් හොඳින්ම හඳුනා ගන්නා සත්ත්වයා පිළිබඳව නවතම සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

ඒ අනුව එම සමීක්ෂණය සිදු කළ විද්‍යාඥයින් පවසන්නේ මිනිසාගේ ඉරියව් තේරුම් ගැනීම සම්බන්ධයෙන් වෙනත් සතුන්ට නොමැති විශේෂ හැකියාවක් එළුවන් සතු වන බවයි.

සිනහ මුසු මුහුණින් සිටින පුද්ගලයින්ට එළුවන් වැඩි වශයෙන් යහපත් ප‍්‍රතිචාර දක්වන බව විද්‍යාඥයින්ගේ මතයයි.

සුනඛයින් සහ අශ්වයින් මෙන්ම එළුවන්ද දිගු කාලයක් මිනිස් වාසස්ථාන ආශි‍්‍රතව සිටීම මෙම තත්ත්වයට ප‍්‍රධාන හේතුවක් බවයි පැවසෙන්නේ. බි‍්‍රතාන්‍ය විද්‍යාඥයින් පිරිසක් මෙම නවතම සමික්ෂණය සිදු කර තිබෙනවා.