Sunday, May 5, 2024

General line - 0115112241

නේවි සම්පත් යළිත් රිමාන්ඩ්

අධිකරණ වාර්තාකරු




2008 සහ 2009 වර්ෂයන්හිදී කොළඹ ප්‍රදේශයේ ස්ථාන කිහිපයකදී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධියට අදාළව වරෙන්තු ලැබ සිටි නාවික හමුදාවේ හිටපු ලුතිනන් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි  හෙවත් නේවි සම්පත්  නැමැත්තා සැප්තැම්බර් 12 වැනි දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද (29)  නියෝග කළා.

සැකකරු මාස කිහිපයක්  දොම්පේ ප්‍රදේශයේ ඉඩමක මුරකරුවෙකු ලෙස සේවය කරමින් සැඟව සිට ඇති අතර මෙම සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී පොල්වත්තගේ ගාල්ලගේ අශෝක නමින් ව්‍යාජ ජාතික හැඳුනුම්පතක් සකසා ළඟ තබාගෙන සිටියා.

සැකකරු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා ඝාතන නඩුවේ ද සැකකරුවෙකු වන අතර එම සිද්ධිය සම්බන්ධයෙන් ඔහු ඇතුළු විත්තිකරුවන් නිදොස් කොට මුදාහැර තිබුණා.

පසුව සැකකරු මැලේසියාවට පලාගොස් ඇති අතර දැනට මාස හයකට පමණ පෙර මෙරටට පැමිණ ඇති බවට පරීක්ෂණ වලින් අනාවරණය කර ගෙන තිබෙනවා.