Sunday, May 5, 2024

General line - 0115112241

අධ්‍යාපන අමාත්‍යාංශය දකුණු කොරියාව සමග ගිවිසුමකට එළඹෙයි




අධ්‍යාපන අමාත්‍යාංශයේ සම්බන්ධීකරණය මත මෙරට පාසල් දරුවන්ගේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපනය ඉහළ නැංවීමේ අරමුණින් දකුණු කොරියානු ජනරජයේ ග්වැන්ජු මෙට්‍රොපොලිටන් අධ්‍යාපන දෙපාර්තුමේන්තුව විසින් ආධාර ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් සිටිනවා.

ඉදිරියේ දී ද මෙම වැඩසටහන් පැවැත්වීම සඳහා වන අවබෝධතා  ගිවිසුමට එළඹීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සහ ගුවැන්ජු මෙට්‍රොපොලිටන් අධ්‍යාපන කාර්යාලයේ අධ්‍යක්ෂ, ජෑන්ග් හුවයි ගුක් අතර දකුණු කොරියාවේ ගුවැන්ජු මෙට්‍රොපොලිටන් අධ්‍යාපන කාර්යාලයේදී සිදු කරනු ලැබුවා.

මෙම වැඩසටහන යටතේ පසුගිය වසර කිහිපයක සිට මෙරට තෝරාගත් පාසල් වෙත පරිගණක පහසුකම් ලබා දීමට ග්වැන්ජු මෙට්‍රොපොලිටන් අධ්‍යාපන දෙපාර්තුමේන්තුව කටයුතු කර තිබෙනවා.

මීට අමතරව දකුණු කොරියානු ජනරජයේ මෙට්‍රොපොලිටන් අධ්‍යාපන කාර්යාලයේ අනුග්‍රහය යටතේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නිලධාරීන් ඇතුළු ගුරු භවතුන් සදහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ පුහුණු වැඩසටහනක් ද දකුණු කොරියාවේ දී වාර්ෂිකව පවත්වනු ලබනවා.